නව සේවක අර්ථසාධක අරමුදල් කළමණාකරණ පද්ධතියක්


නව සේවක අර්ථසාධක අරමුදල් කළමණාකරණ  පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ. ශ්‍රී ලංකාවේ විශාලම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වෙයි.

2024 ඔක්තෝබර් අවසාන වන විට අරමුදලේ වත්කම් රුපියල් බිලියන 4200ක් පමණ විය. පසුගිය වසර කිහිපයේදී එහි වර්ධනය සියයට 9ක් ඉක්මවා තිබේ.

ඒ අනුව අරමුදලේ කටයුතු සුමටව පවත්වාගෙන යාමටත් අරමුදලේ ගනුදෙනු වෙනුවෙන් දත්ත රාශියක් හුවමාරු වන නිසාත් ඒ වෙනුවෙන් තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

නව කළමණාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම පද්ධති සම්පාදකයෙක් තෝරා ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. 



Recommended Articles