නව ආණ්ඩුවේ සහායට ඩඩ්ලි එයි - සියලුම සහල් පාලන මිලට


බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

එමෙන්ම තමා අනෙකුත් ව්‍යාපාරිකයන් සමග එක්ව 28 වෙනිදා සිට සියලුම පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් ලබාදීමට එකඟත්වය ලබාගෙන තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
 
පොළොන්නරුව ප්‍රදේශයේදී 28 වෙනිදා  පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව කීය.

අසාධාරණයට, අයුක්තියට, දූෂණයන්ට, එරෙහිව සටන් කළ පක්ෂයක් වර්තමානයේ බලයට පත්ව ඇති බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යහපත්  වැඩපිළිවෙලට තමා සහයෝගය දක්වන බවත්, ලබන ජනවාරි දක්වා පාලන මිලට සහල් ලබාදීමෙන් පාරිභෝගික ජනතාවත්, ගොවියත් රැකගැනීමේ වැඩපිළිවෙළට තමා සහයෝගය දක්වන බවද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි  පිරිසක් නාඩු සහල් පාරිභෝජනය කරන බවත්, වී සහ සහල් මිල සම්බන්ධව තමාට ඕනෑම අවස්ථාවකට ඕනෑම රජයට විරුද්ධව කතා කිරීමේ අයිතිය තිබෙන බවද සිරිසේන මහතා පැවසීය.
 සම්බා, නාඩු, කිරි සම්බා, වගා කිරීමේ වාසි අවාසී, පිලිබද කතා කළ සිරිසේන මහතා ගොවින්ට කුඹුරෙහි විවිධ වී වර්ග වගා කිරීමට රජය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.
 
තමාට ශක්තිය තිබෙන අවසාන කාලයේ රජයට ඇතිවෙන්න හරි, නැතිවෙන්න හරි, උපරිම සහයෝගය ලබාදෙන බවත්, මේ ආර්ථිකය ගොඩනගන්න පාලන මිලට සහල් දීලවත්, ගොවියට සහන දීලවත් නොහැකි බවත්, රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිදු ආණ්ඩුවකට නොහැකි නිසා සියලු දෙනාගේ වගකීම වන්නේ රට ගොඩනැගීමට වත්මන් රජය සමඟ එක්වීම බවද ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී පැවසීය.
 
තමා ඉතිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවද නැත්ද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ දීපු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේ තමාට මීට පෙර මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථා තිබූ තිබුණද එවැනි අවස්ථාවල ඉදිරිපත් නොවු  බවත් තමා ඉදිරිපත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, පොළොන්නරුව දිස්ත්‍රික්කේ ඕනෑම අයෙකු  තමා වෙනුවෙන් මනාපයක් ලබා දීමට ඉදිරිපත් වන බවද සිරිසේන මහතා මෙහිදී සිහිපත් කළේය.
 
මහ මැතිවරණය සඳහා තරග වැදීමට තමාට හීනයකින් නොපෙනෙන බවද සිරිසේන මහතා කීය.

මෙම අවස්ථාවට,දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, සහ ගරුතර මහා සංඝරත්නය මෙන්ම පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක්ම සහභාගි වී සිටියහ.

මනම්පිටිය නිමල් ජයරත්න



Recommended Articles