නදීමාල් පෙරේරාට පහරදීමක්


ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුත් වන  නදිමල් පෙරේරාට පානදුර හෝටලයකදී පහරදුන් පුද්ගලයෙකු සහ ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිළධාරින්ට බාධාකල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු  බව පොලිසිය කීය.

පානදුර, ගොරකාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවකදී මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු  ලැබූ උත්සවයක සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන නදිමල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහරදී නදිමල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුලත් කළ බව  පානදුර  උතුර පොලිසිය ප්‍රකාශ කරයි.

පානදුර උතුර ගොරකාන  ප්‍රදේශයේ ප්‍රධාන උත්සව ශාලාවක මොරටුව ප්‍රදේශයේ පාසලකින් පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයක් සඳහා නදිමල් පෙරේරා නියෝජනය කරන සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබී ඇති  අතර, මෙම සංගීත ප්‍රසංගය අතරතුර නදිමාල් පෙරේරා පහත මහලට බැස සිටියදී පුද්ගලයෙකු ඔහුට පහර දී ඇත.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් එම හෝටලයට ගොස් මෙම ගැටුම මැඩ පවත්වා තිබේ.

මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ ගායන ශිල්පී නදිමල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුලත් වූ බව රෝහලේ ප්‍රකාශකයකු කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂක පවත්වති .

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම් 



Recommended Articles