නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමේ අවස්ථාවක් හෙට(25දා) ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව හෙට(25 දා) රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි සැපයීමට අවස්ථාව ලබා දී තිබේ.
සියලු ස්‍යෙඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාරවල සිදු කරනු ලබයි.