ධීවරයන්ට විශේෂ සහනයක් දෙන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය මෙන්න


මාස 06ක කාලයක් සඳහා ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කල බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

කොළඹ අද(15දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දු කළා. පසුගිය දවස් වල ඉන්ධන මිල අඩු කලා. ඒ අඩු කිරීමත් එක්ක ධීවර ජනතාවට විශාල සහනයක් දැනටමත් ලැබිලා තියෙනවා. ඊට අමතර වශයෙන් තවත් සහන ලබා දෙන්න අමාත්‍ය මණ්ඩලය තීන්දු කළා. ඒ අනුව මාස 06ක කාලයන් සඳහා රුපියල් මිලියන 5.5ක් සහනාධාරය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයකට රුපියල් 25ක සහනයක් දෙනවා මාසකට උපරිම ලීටර් ලක්ෂ 03කට යටත්ව. භූමිතෙල් වලට දිනකට ලීටර් 15කට යටත්ව මාසයකට දින 25ක් සඳහා රුපියල් 9,375ක උපරිමයකට යටත්ව ලීටරයකට රුපියල් 25ක සහනයක් දෙනවා. ”



Recommended Articles