ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේදි අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
ධම්මික පෙරේරා මහතා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ළමා හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරිය ලෙසත් දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම අමාත්‍යාංශ දෙකට අදාළ ආයතන හා විෂයපථ සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වන විටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩේලිමිරර් ඇසුරෙනි