දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින් ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි. 



Recommended Articles