දේශපාලන පත්කිරීම් ගැන විදේශ සේවා සංගමයේ කනස්සල්ල රජයට කියයි


විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වෘත්තියමයභාවයේ, කුසලතා මත පදනම්ව පත්කිරීම් හා රාජ්‍ය තාත්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොලසකා හරිමින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී ධුර රැසකට ශ්‍රි ලංකා විදේශ සේවයෙන් බැහැරව මෑතකිදි පත්කිරිම් සිදුකර ඇති බව එම සංගය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරමින් පවසයි.

එසේම මෙම පත්කිරිම් 2024 රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සෘජුවම උල්ලංගණය කිරිමක් බවද එම නිවේදනයේ දැක්වෙයි.



Recommended Articles