දේශපාලන අධිකාරිය වෙනස් වුණත් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් කනපිට ගැසුනේ නෑ


දේශපාලන අධිකාරිය වෙනස් වුවද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම කනපිට ගැසුනු බවට කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පොහොර සහනාධාර සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ​අද(24දා) කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“දේශපාලන අධිකාරිය වෙනස් වුනාට රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම කනපිට ගැහුනා කියලා කාටවත් කියන්නත් බෑ. එහෙම හිතන්නත් ඕනී නෑ. එය කාර්යක්ෂම කරගෙන ජනතාවට අත්‍යාවශ්‍ය මොහොතේදී ජනතාවට සහනාධාර ලබා දෙන්න කටයුතු කරනවා. ”

 



Recommended Articles