වතුගෙදර පැටිවත්ත ප්‍රදේශයේදී අද (20දා) අලුයම් කාලයේදී එල්ලවූ මැර ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ බැඩ්මින්ටන් භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර මහතා බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ ආකාරයටම දේවානන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුලුවී විදුහල්පති කාමරයේ බඩුමුට්ටුවලට අලාභහානි සිදුකරමින් අම්බලන්ගොඩ දේවානන්ද විදුහල්පති ජනක පේදුරුහේවා මහතාට ද ඊයේ (19) උදේ එල්ලවූ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතා ද බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
මැර ප්‍රහාරයට ලක්වූ දේවානන්ද විදුහලේ විදුහල්පති ජනක පේදුරුහේවා සහ බැඩ්මින්ටන් කීඩා භාර ආචාර්ය ඩර්වින් ප්‍රියංකර යන මහත්වරුන් දෙදෙනම් මේ වන විට බලපිටිය මූලික රෝහලේ අංක එක වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලීසිය කියයි.
විදුහල්පතිට හා ක්‍රීඩාභාර ආචාර්යවරයාට එල්ලවූ මැර ප්‍රරහාරය හෙලා දකිමින් අද (20) දේවානන්ද විදුහලේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු දමා වර්ජනයක නිරතවූහ.
දේවානන්ද විදුහලේ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගත් දෙමාපියන් ද අද(20) පාසලට සිය දරුවන් එවීමෙන් වැලකී සිටි අතර පැමිණි ළමයින්ගෙන් විශාල සංඛ්‍යාවක් ගුරුවරුන් පාසලට නොපැමිණ තිබූ හෙයින් ආපසු නිවෙස් කරා යනු දක්නට ලැබිණ.
විදුහල්පතිට පහරදීම සම්බන්ධයෙන් ඒම විදුහලේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් මේ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
ක්‍රීඩාභාර ගුරුවරයාට පහරදුන් පිරිස තවම අත් අඩංගුවට නොගත් බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලීසිය කියයි.
දේවානන්ද විදුහලේ ක්‍රීඩා භාර ගුරුවරයා බැඩ්මින්ටන් ක්‍රිඩාකරන සිසුවෙකුට පහාර දීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව් මේ ගැටුමට හේතුවි ඇති බවද පොලීසිය කියයි.