දෙවැනි දිනටත් මරණ 170ක්


පිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6604කි.  ඊයේ දිනයේදී තහවුරු කළ මරණ අතරින් වැඩි පිරිසක අවුරුදු 60ට වැඩි අය වෙයි. එම සංඛ්‍යාව 130කි. එසේම අවුරුදු 30 හා 59 අතර මරණ 40ක් වාරත් ාවී තිබේ.

කාන්තාවන් 86ක් මා පිරිමින් 84ක් මෙසේ කොවිඩ් රෝගයට බිලි වී තිබේ.



Recommended Articles