දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවෙයි


අද දිනයේදීත් කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත. කොවිඩ් ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත්, වසංගත රෝග විද්‍යාතනයත් නව ආසාදිතයන් පිළිබඳව තොරතුරු වාර්තා නොකළේය.

ඒ අනුව මෙසේ රෝගීන් වාර්තා නොවූයේ පිට පිටම දෙවැනි අවස්ථාවටය. ඊයේ දිනයේදීත් රෝගීන් වාර්තා නොවීය.

මේ අනුව රෝගීන් 1950ක අගය ස්ථාවරව පවතී. 



Recommended Articles