දෙමටගොඩ, මරදාන, පයාගල, බේරුවල සහ අලුත්ගමට ඇඳිරි නීතිය


වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීට අමතරව පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට ලබන සඳුදා උදෑසන 05 දා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ පොලිස් වසම් 49ක් තුළ නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles