දෙදෙනෙකුට ජීවිතය දී උදේෂිකා ජීවිතයෙන් සමුගනියි


මොණරාගල  මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලේ මියගිය මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර  ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණියකගේ සියලුම අවයව උතුම් පරිත්‍යාගයක් ලෙස  දන්දී එම අවයව වලින් ජීවිතයත් මරණය ත් අතර සටනක නිරත වී සිටි අහිංසක රෝගීන් දෙදෙනකු ට ජීවත් වීමේ වාසනාව  උදා කර දුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි .

මිනිසත්කම නොමැතිව වැනසී යන සමාජයක  මෙම උදාර ආදර්ශවත් සද් ක්‍රියාව සිදු කල මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර පදිංචිව සිටි උදේශිකා සදමාලි (24) අවිවාහක  තරුණියකි. ඇයගේ පියා ආර්.එම් .ප්‍රේමසිරි (63) ය.මව බී.වී.සෝමලතා මැණිකේ (53) නම් වූවාය .

මෙම දෙපලට දියණිය න් තිදෙනකු සිටි අතර උදේශිකා පවුලේ බාල දැරිය විය.මැයගේ දෙවන අක්කා මීට වසර කීපයකට ඉහතදී පිළිකා රෝගය වැලදී මෙලොවින් සමුගත් අතර ,වැඩිමහල් සහෝදරිය සහ මව පියා සමග උදේශිකා මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර නිවසේ  පදිංචිව සිටියාය .

අපොස උසස් පෙළ විභාගය සමත් උදේශිකා සංගීතයට දස්කම් දක්වමින් සමස්ත ලංකා තරග වලින් පවා ජයග්‍රහණ රැසක් හිමිකරගත් අතර ප්‍රදේශයේ දුප්පත් අහිංසක ලමුන් එකතු කරගෙන ඇය ඔවුන් වෙනුවෙන් කලායතනය ක් පවත්වාගෙන යමින් අහිංසක දරුවනට නැටුම් වැයුම් සංගීත ය පුරුදු පුහුණු කලාය.

විද්‍යා පීඨය සදහාද ඉල්ලුම් පත් යොමු කල උදේශිකා මොණරාගල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් ප්‍රදේශයේ අහිංසක දරුවන් ට ජනතාවට උදවු උපකාර කරමින් සමාජ සත්කාර කටයුතු වල නිරත වෙමින් සිටියහ .

නත්තල් දින  කිසියම් සමාජ සේවා කටයුත්තක් කිරිම  සදහා අවශ්‍ය රෙදි පිළි වගයක් නිවසේ සිට පියා ඇතිමලේ සිට කොළඹ බලා රාත්‍රි ධාවනය වූ බස්රථය ට බාර දුන්නේ ඇතිමලේ ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නතර වී සිටි උදේශිකා දියණිය අතර මගදි එම ඇදුම් බෑගය ලබා ගන්නා නිසාවෙනි .


උදේශිකා සදමාලි සිය හිතවතකු සමග යතුරුපැදියක නැග 24 රාත්‍රි බෝඩිමේ නිවසින් පිටවී ගියේ කොළඹ යන බස්රථයේ පියා එවූ ඇදුම් බෑගය ලබා ගැනිමේ අරමුණිනි. යතුරුපැදිය මොණරාගල  මාගන්දනමුල්ල මාර්ගයේ තරමක වේගයෙන් හිතවතා පදවාගෙන ගිය අතර උදේශිකා පිටුපස සිටියාය.ඒ සමගම ටික දුරක් ගිය යයතුරුපැදිය ඉදිරියෙන් පැමිණි මෝටර්රථය ක ගැටීමෙන් උදේශිකා බරපතළ තුවාල ලැබූ අතර ඇය වහා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කලාය.

මැයගේ තත්ත්වය බරපතළ හෙයින් වහා ඇය බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවීය.බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුලු අදාළ රෝහල් කාර්ය මංඩලය උදේශිකා ජීවත් කරවීමට දැඩි වෙහෙසක් දරමින් සිටි අතර   පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කලාය.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මංඩලය උදේශිකා ගේ තත්ත්වය 99 ./.ක්  බරපතළ බවත් ඇය ජීවත් කරවීමට නොහැකි බවත් මොළයට ලේ ගැලිම නිසාවෙන් ඇයගේ මොළය මියගොස් ඇතැයි පවූලේ උදවියට පැවසු බව ඇගේ පුංචි වන බදුල්ල රිල්පොල මැදගම  මාලිනි අබේගුණසේකර (52) මහත්මිය පැවසුවාය .

පසුව බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී   ඩබ්ලිව් .යූ.ඒ.පී.වැලිවිට සහ උදේශිකා ගේ නෑදායකු වන රෝහලේ ආරක්ෂක නිලධාරීනි ඩී. ඩබ්ලිව් .ඒ.  ශ්‍රියාකාන්ති යන අය පවුලේ අය  ඉදිරිපත් වී  මොලය මියගිය උදේශිකා ගේ අවයව දන්දීමට තීරණය කර ඒ පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ  රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්.එම්.ඒ.ඩී.එස්. අකිල සහ රෝහලේ ලේකම් සුගත්  කිත්සිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත කටයුතු සිදු කළ බවත් , මේ සදහා උදේශිකා ගේ මව, පියා කැමති වූබවද ඇය කීවාය .

මොළය මියගිය උදේශිකා ගේ අක්මාව, වකුගඩු , ඇස්,  හදවත මෙසේ දන් දුන් බවද මාලීනි අබේගුණසේකර මහත්මිය පැවසු අතර උදේශිකා ජීවතුන් අතර සිටියදී ඇයගේ ලස්සන දිගු කෙස් වැටිය කපා.අසරණ පිළිකා රෝගින් වෙනුවෙන් පරිත්‍යාග කල බවද ඇය කීවාය .

කෙසේ වෙතත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ ඇත්ත වශයෙන්ම මෙම තරුණියට අත්වූ ඉරනම ගැන හරිම කණගාටුයි .නමුත් අනෙක් පැත්තෙන් අපට සතුටු වෙන්න පුලුවන් ඇය  සිදුකල  මෙම උතුම් පරිත්‍යාග ය පිළිබඳව .ඇය දන්දුන් ඇයගේ වකුගඩු දෙකෙන් එකක් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසරණ වකුගඩු රෝගියකු ට ලබා දී ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වී සිටින රෝගියකු ගේ ජීවිතය බේරාගන්න හැකි වුනා.අනෙක් වකුගඩුව මහනුවර රෝහලට එහි රෝගියකු සදහා ලබා දුන්නා.මෙවැනි පරිත්‍යාග කිරිමී ඇත්තවශයෙන් ම විශාල පිනක් වගේම සමාජයේ  අනෙකුන් උදවියට හොද ආදර්ශයක්.

තම ජීවිතය අහිමි වී ගියත් තවත් රෝගීන් දෙදෙනකු මරණ මංචකයේ න් මුදවා ගෙන ඔවුනට ජීවත් වීමට අවස්ථාව උදාකර දුන් උදේශිකා සදමාලි (24)  මව පියා සහෝදරියන්, නෑදෑ හිතවතුන්ගෙ න් .සමුගෙන 27 වන දින පස්වරුවේ මොණරාගල ඇතිමලේ පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියාය.

ඇල්ල ප්‍රසාද් රුක්මල්



Recommended Articles