දූපතක සිරවී සිටි රෝගීන් පිරිසක් ගුවනින් යාපනය රෝහලට


යාපනය ඩෙල්ෆ් දූපතට අයත් නෙඩුන්තීව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු හදීසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගුවනින් යපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒ්මට ශ්‍රීලංකා ගුවන් හමුදාව ඊයේ (28) දින පියවර ගැනුනි.

ශ්‍රීලංකා ගුවන් හුමදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ දින පලාලි ගුවන් හමුදාකඳවුරේ සිට නෙඩුන්තීව් රෝහල් භූමියට ගොඩබස්වා පසුව එහි බරපතල තත්වයේ සිටි රෝගීන් තිදෙනෙකු මෙන්ම එම රෝගීන් තිදෙනාගේ සහයකයින් තිදෙනෙකු ගුවනින් පලාලි ගුවන් හමුදා කඳුවුරට රැගෙනවිත් යපනය ශික්ෂණ රෝහල වෙතට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

එමෙන්ම ගොඩබිම් මාර්ගයන්හි ගංවතුර හේතුවෙන් අතරමංව සිටින ජනතාව බේරාගැනීම සඳහාද ගුවන් හමුදාව ගුවන් සේවය ලබාදීමට පියවර ගෙන ඇත.

 



Recommended Articles