දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
රුපියල් මිලියන 160 ක දඩ මුදල නියමිත පරිදි ගෙවීමට සමාගම කටයුතු ඇති බව කියන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී ඉකුත් ජනවාරි මාස 9 වැනිදා රේගුව අත්අඩංගුවට ගත් බව ද සදඟන් කළේය.