දුම්රියේ සෙල්ෆි ගන්න ගිහින් අනතුරු දෙකකින් කොරියානු සංචාරකයෙක් හා ලංකාවේ තරුණියක් බරපතල තුවාල ලබයි


කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045දරන   රාත්‍රි තැපැල් දුම්රියේ සහ අංක 1015  උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු  සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි  දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා අද(12)  බදුල්ල  ශික්ෂණ රෝහලට ඇතුළත්  කල බව  හපුතලේ පොලිසිය පවසයි .

ගාල්ල රත්ගම අරලිය උයන ප්‍රදේශයේ පදිංචි  21 හැවිරිදි තරුණියක තවත් පිරිසක් සමඟ කොළඹ සිට ඇල්ල බලා අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී දුම්රිය නැවතු අවස්ථාවේ දුම්රියේ න් බැස දුම්රිය වේදිකාවේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී දුම්රිය යලි ධාවනය වීමත් සමඟ දුම්රිය ට නැගීමට යාමේදී මෙසේ දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .

ඇයගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශයකු පැවසීය . මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් කොරියානු ජාතික විදේශික සංචාරකයකු හපුතලේ දුම්රිය ස්ථානය යට ආසන්නයේ දී ඊයේ (11) පස්වරුවේ දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි  දුම්රිය මාර්ගය අසල තිබූ යකඩ කනුවක ගැටීමෙන් දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලැබු බවත් පොලිසිය පවසයි .


මෙසේ දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා ඇත්තේ  කොරියානු ජාතිකයකු වන ෂොලි ටොන් බේ.(sholy tong bae)  නැමති 61 හැවිරිදි විදේශීය සංචාරකයකු බවද පොලිසිය කීය .

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් දෙදෙනකු සමඟ මෙරටට පැමිණ ඇති මොහු නුවරඑළිය සංචාරය කර පසුව ඊයේ  (11) නුවරඑළිය සිට නානුඔය ට පැමිණ කොළඹ සිට බදුල්ල බලා     ධාවනය වූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියට ගොඩ වී හපුතලේ බලා පැමිණ ඇති බවත් පොලිසිය පැවසීය .

මොහු ධාවනය වෙමින් තිබූ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදී හපුතලේ දුම්රිය ස්ථානය ට ආසන්නයේ දුම්රිය මාර්ගය අසල    පිහිටි යකඩ කුලුනක ගැටී දුම්රියේ න් ඇද වැටී ඇතැයි පොලිසිය සදහන් කළේය .

බරපතළ තුවාල ලබා සිටි මොහු පසුව සුවසැරිය ගිලන් රථයක දමා ගෙන දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට රාත්‍රි යැවූ බවද පොලිසිය පවසයි .

මොහුගෙ හිසට බරපතළ ලෙස තුවාල සිදු ව ඇති බවත්, පසුගිය දින කීපය තුළ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රියේ ගමන් ගත් විදේශීය සංචාරකයන් කිහිපදෙනක් ම මෙලෙස දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලැබු බවත් ඒ පිළිබඳව බළධාරීන් ගේ අවධානය යොමු කල යුතු බවත් මෙය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය . 

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සේපාල රත්නායක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



Recommended Articles