දුම්රියේ ගැටී පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට


කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටි පිරිමි  පුද්ගලයන් දෙදෙනෙක් හා කුඩා ළමයෙක් බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුව තිබේ.  පිරිමි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීත් පිරිමි දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මරණකරුවන් අවුරුදු 02, 21 හා 47 වයස්වල පසුවන කලුතර දකුණ පදිංචිකරුවන්වෙයි. මරණකරුවන් අතර ජීවිතක්ෂයට පත්වූ කුඩා දරුවාගේ පියාද සිටින අතර ඔහු අවුරුදු 21ක පුද්ගලයෙකි.

 



Recommended Articles