දුන්න අත සපා කෑ වඳුරා


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත ඉතාලි ජාතික කාන්තාවකගේ අතක්, වඳුරෙකු සපා කෑම හේතුවෙන්  තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

එම විදෙස් කාන්තාව  සංචාරයේ නිරත වෙමින් සිටියදී අතේ තිබූ කෙසෙල් ගෙඩියක් අඳුරෙකු විසින් උදුරා ගැනීමට යාමේදී මෙලෙස තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර රෝහලේ හතරවන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම ඉතාලි ජාතික කාන්තාව සිය කැමැත්තෙන් රෝහලෙන් පෙරේදා හතරදා හිටව ගිය බවද පොලිසියේ වැඩි දුරටත් සඳහන් කළේය. 



Recommended Articles