ශ්‍රිපාද වන්දනා සමය හා පාසල් නිවාඩු සමය වෙනුවෙන් මෙන්ම එළැඹෙන දීර්ඝ සති අන්තය හෙතුවෙන් අද(28) සිට 31 වන දින දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුර,ත්‍රිකුණාමලය දක්වා විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද(28දා) සහා 31 වැනි දිනවල රත්‍රී 7.00 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් මෙම දින දෙකෙහි සවස5.20 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියන් ධාවන වේ.
හෙට(29දා) සහ 30.31 යන දිනවල උදේ 6.35 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් එම දින තුනෙහි සවස 5.20ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවන කරන බවද පෙන්වා දෙයි.
29 වැනි දින සිට 31 වැනි දින දක්වා උදේ 5.15 ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් එම දින තුනෙහි සවස 1.00ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනය වේ.
මෙම දුම්රියවල පළමු,දෙවැනි සහ තුන්වැනි පන්ති සඳහා ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා දී ඇත.