දීපවාලියට හැටන් ප්‍රධාන වීදිය ඇතුළු වීදි කිහිපයක පදික වෙළඳාම තහනම්


දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයේ ප්‍රධාන විදිය ඇතුළු ස්ථාන කිපයක පදික වෙළදාම් තහනම් කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩා මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි හැටන් ප්‍රධාන විදිය පැති විදිය ඇතුළු ස්ථාන කිපයක පදික වෙළදාම් තහනම් කිරිමට තිරණයව කර ඇති බවත්ය.

දිපවාලි උත්සව සමය තුලදි විශාල පිරිසක් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට පැමිනෙන බවත් එවන් අවස්ථාවලදි හැටන් ප්‍රධාන විදිය පැති විදිය යන ප්‍රදේශවල පදික වෙළදාම් කිරිම් හේතුවෙන් පදිකයන්ට මාර්ගයේ ගමන් කිරිමට සිදු විමෙන් එම පදිකයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් පවතින බවත්ය.

එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර නගරයට පැමිනෙන පදිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ පදික වෙලදාම් තහනම් කර පදික මාර්ග පදිකයන්ගේ ගමන් පහසුව ලබා දිමට පියවර ගන්නා බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

 චන්ද්‍ර සෙල්ලහේවා හැටන්

 



Recommended Articles