දිස්ත්‍රික්ක හතරක අවුරුදු 20 ට වැඩි අයට එන්නත් ලබාදීම හෙට සිට


කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 -30 පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙයි.

මේ දිස්ත්‍රික්කවල දැනට එන්නත් කරණය සිදු කරන ස්ථා​නවලදීම එන්නත් දෙනු ලැබේ. කොළඹ දිස්ත්‍රික්ක​යේ දැනට එන්නත් දෙන ස්ථා​නවලට අමතරව විහාරමහා දේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුධ හමුදා කඳවුර සහ වේරහැර යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථාන​ය වයස අවුරුදු 20 – 29 අතර පිරිසට එන්නත් දීම සඳහා තෝරාගෙ​න ඇත.



Recommended Articles