දිවුලපිටියෙන් තවත් කොවිඩ් පොකුරක්


දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු ද , රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු ද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා දෙකකින් ද , කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබුණි .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,219 දෙනෙකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 04/21 දින කොරෝනා ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 18,686 දෙනෙකු මෙම වෛරසයේ ආසාදිතයන් බවට පත් වී ඇතැයි වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .



Recommended Articles