දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරු වල ආසාදිතයන් 25000 ඉක්මවයි


දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරු දෙකෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 25000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 377ක් වාර්තා වීමත් සමගිනි.

එම ආසාදිතයන් 377 දෙනා අතරින් 83ක් බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ අතර ඉතිරි 294 පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේදී එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 703ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25025ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles