ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසීය. අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බවට ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඒ බව පවසා සිටියේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඇයගේ සභාපතිත්වයෙන් 2025.02.21 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.