දිලීප පීරීස් සහ ශනිල් කුලරත්න ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු ලෙස දිවුරුම් දෙති


අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දිලීප පීරීස් සහ ශනිල් කුලරත්න යන මහත්වරු ජනාධිපති නීතීඥවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිව්රුම් දුන්හ.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ ඇතුළු සෙසු අධිකරණ වල විනිසුරුවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වු චාම් උත්සවයකදී ඒ මහත්වරු ජනාධිපති නීතීඥවරුන් වශයෙන් දිව්රුම් දුන්හ.

නීතීපති දෙපාර්තමෙන්තුවට අනුයුක්තව රාජකාරි කරන දිලීප පීරීස් සහ ශනිල් කුලරත්න යන මහත්වරු අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයන්ට උසස් කළ බව නීතීපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කළ දැනුම් දීමකට අනුව ඒ මහත්වරු ජනාධිපති නීතීඥවරුන් වශයෙන් නම් කරන ලදී.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආද සිසුවකු වන දිලීප පීරීස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධය ලබා ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේ අධ්‍යාපනයෙන් අනතුරුව 1996 වසරේදී නීතීඥවරයකු වශයෙන් දිව්රුම් දීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවට සම්බන්ධ වු අතර රජයේ නීතීඥ ධුරයේ සිට විවිධ ධුරවල වසර27- පමණ කාලයක් කටයුතු කළ ඔහු පසුගිය කාලයේ රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නඩුව, තිස්ස අත්තනායක නඩුව, ටිරාන් අලස් රාඩා නඩුව, මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැර ගැනීමේ නඩුව, ඇතු`ථ නඩු ගණනාවක පැමිණිල්ල මෙහෙය විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආද සිසුවකු වන ශනිල් කුලරත්න මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධය ලබා ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේ අධ්‍යාපනයෙන් අනතුරුව 1996 වසරේදී නීතීඥවරයකු වශයෙන් දිව්රුම් දීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුවට සම්බන්ධ වු අතර රජයේ නීතීඥ ධුරයේ සිට විවිධ ධුරවල වසර 27 පමණ කාලයක් ලංකාව පුරා ඇති විවධ අධිකරණ වන කටයුතු කළ ඔහු නාවික හමුදා අධිකරණයේ නීතී නිලධාරීවරයකු වශයෙන්ද කටයුතු කරයි.

පසුගිය කාලයේ රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් අවිස්සාවේල්ල නුරීය වතු අධිකාරීවරයා ඝාතනය සම්බන්ධයෙන් 18 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණු නඩුව, වැට් බදු වංචාවට එරෙහි අභියාචනය, මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනවිය ඝාතන නඩුව, හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් ඝාතන නඩුව, කුඩු ජාවාරම් කළ යුද හමුදා මේජර්වරයකුට එරෙහි නඩුව ඇතු`ථ නඩු ගණනාවක පැමිණිල්ල මෙහෙය විය.



Recommended Articles