දිලිත්ගේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඩග්ලස්ට එක්වෙයි


පාර්ලිමේන්තු මැතිවරණයට සර්වජන බලය පක්ෂයෙන් ත්‍රිකුණාමලයට තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකු වන කුණසේකරන් මයිලන් හා පූබාල රත්නම් රාජේන්ද්‍රන් යන මහත්වරු එම පක්ෂයෙන් හා අපේක්ෂකත්වයෙන් ඉවත් වී හිටපු අමාත්‍යය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) එක්වූහ.

ඊ.පී.ඩි.පි පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේදී දිස්ත්‍රික් සංවිධායක ටී. පුෂ්පරාසා මහතාගේ උපදෙස් මත එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් අපේක්ෂක එම්.අයි.මුරගන් හෙවත් ස්ටාලිං මහතා හමුවී   සර්වජන බලය පක්ෂයේ  අපේක්ෂකයන් දෙදෙනා මෙලෙස එම පක්ෂයට එක්වුහ .

සර්වජන බලය බලයේ පක්ෂයෙන් ඉවත් වූ මෙම අපේක්ෂකයන් දෙදෙනා මාධ්‍ය හමුවේ පැවසුවේ තමන්ට මැතිවරණ තරග කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  කපිල අතුකෝරල මහතා නාමයෝජනා දුන් බවත් නාමයෝජනා භාරදීමෙන් පසු ප්‍රචාරක වලට මෙතෙක් සම්බන්ධ නොවූ නිසා කලකිරීමට පත්ව සර්වජනය බලයෙන් ඉවත්ව ඊ.පි.ඩි.පි. පක්ෂයට එක්වූ බවත්ය.

චමෝද්‍යා අමරජීව

 



Recommended Articles