මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගත වූ දින හය තුළ අධිවේගී මාර්ගයේ වාහන 7 ලක්ෂ 87000ක් ගමන්කර රුපියල් මිලියන 273 ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම්) ආර් . ඒ. ඩි. කහටපිටිය මහතා පැවසීය.
ඊයේ (15) දිනයේ පමණක් රුපියල් මිලියන 48ක ආදායමක් ලැබී ඇතැයි ඒ මහතා කීය. ගම්බිම් බලා ගිය ජනතාවගේ ගමන් පහසුව සඳහා සියලුම කවුළු විවෘතව ඇතැයිද ඒ මහතා කීය.
මාර්ගයට වාහනය ඇතුල් කිරීමට පෙර තිරිංගපද්ධතිය ආලෝක පද්ධතිය මෙන්ම වාහන ගමනාගමනයේදී මීටර් 50ක් අවම වශයෙන් පරතරය තබාගෙන වාහන ධාවනයේ යෙදෙන ලෙස වාහන රියදුරන්ට දන්වා සිටි.
එලෙසම ආසන පටි පළඳින ලෙස දන්වා සිටීන ලෙසත් වාහනයේ යම් ආපදාවකට ලක් වුවහොත් 1969 ඇමතුම් මධ්‍යස්ථානයට දන්වා සහාය ලබාගන්නා ලෙසද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් දන්වා සිටී.