දින දින තැන තැන මළ සිරුරු


වික්ටෝරියා ජලාශයේ දිගන ප්‍රදේශයේ ප‍ාවෙමින් තිබු පුද්ගල මල සිරරු දෙකක් ඊයේ (30) සොයා ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි.

තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව දිගන, අඹකොටේ හා පොල් අක්කර තිහ ගම්මානවලට මායිම්ව පිහිටි වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ මෙම මල සිරුරු දෙක ප්‍රදේශවාසින්ට හමුවී ඇති අතර එම සිරුරු හඳුනාගැනීමට නොහැකි තරම් නරක්වී ඇත.

මෙම මල සිරුරු දෙක සම්බන්ධ‍යෙන් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් බාන්ස් රඹුක්වැල්ල මහතා විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඉන් පසු  තෙල්දෙණිය පොලිස්ථානයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අදාළ සිරුරු දෙක ගොඩ ගෙන මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භාර දී ඇත. (I J)

එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles