දින තුනක් කොවිඩ් එන්නත් ලබාදීමක් නෑ


ශ්‍රී ලංකාවේ දින තුනක් අඛණ්ඩව කොවිඩ් එන්නත් ලබාදීමක් සිදුව නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අනුව පසුගිය 11 දා, 12 දා හා 13 දා මෙසේ කොවිඩ් එන්නත් ලබාදීමක් සිදුව නොමැත.

ශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.



Recommended Articles