දින 42 ක බිළිඳා කොවිඩ් නිසා මරුට - මෙරට සිදුවූ ළබාලම කොවිඩ් මරණයයි


බදුල්ල මහ රෝහලේදී කොවිඩ් අසාදිතයෙක් බවට හඳුනාගත් ඌව පරණගම පදිංචි දින 42 ක් වයසැති  බිළිදා කොළඹ රිජ්වේ ළමා රෝහලට යැවීමෙන් පසු මියගොස් තිබේ .

මෙම බිළිදා සහ  සහ  ඇගේ මව   කොවිඩ් අසාදිතයන් බව  බදුල්ල මහ රෝහලේදී  කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයකින් අනාවරණය වී තිබිණ .

ආසාධිත මවගෙන් කිරි බිව් දරුවාට කොවිඩ් 19  ආසාධනය වන්නට ඇති බව  වෛද්‍යවරු විශ්වාස කරති.

මෙරටදී  මියගිය ලාබාලතම කොවිඩ් රෝගියා මෙම බිළිදා බව වෛද්‍යවරු කියති .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles