දින 3ට ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව 370761ට දෙයි


දින තුනක් තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 370761ක් වෙත එහි දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

එ අනුව පුද්ගලයන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව 756646ක් වෙත මේ වන විට ලබාදී තිබේ.

ඊයේ දිනයේදී පුද්ගලයන් 297314ක් වෙත කොවිඩ් එන්නත්  ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 13,065,376 ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී තිබේ.

මේ අතරින් පූර්ණ එන්නත්කරණයට ලක්කළ සංඛ්‍යාව 2,584,091කි

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලියේදී වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. එය කෝටියකට අධික සංඛ්‍යාවක් වෙත ලබාදී තිබේ.

 



Recommended Articles