දැරිය අපයෝජනය කළ ලුතිනන් කමාන්ඩර් වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි


15 හැවැරිදි දැරියක් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ලිංගික කටයුතුවලට යොදාගත් බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

සැකකාර විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

නාවික හමුදාපතිවරයා විසින් ඔහුගේ සේවය අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.



Recommended Articles