දැන් වැඩ කර පෙන්වන්න


ජාතික ජන බල වේගයේ ජයග්‍රහණයට උතුරේ ජනතාව දායක වී තිබෙන්නේ විශාල බලාපොරොත්තු සමුදායක් සමඟ බවත්මීට පෙර කිසිදු පක්ෂයකට එම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ බවත්මල්වතු පාර්ශවයේ  මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසයි.

මහා නා හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහකෘෂිකර්ම පශුසම්පත්ඉඩම් සහ වාරි මාර්ගඅමාත්‍යකේ.ඩී. ලාල් කාන්ත යන මහත්වරුන්මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

එහිදී මහනා හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසූහ.

පසුගිය කාලයේ සිදු වූ දේවල් හොඳින් අවබෝධ කරගෙනයි ජනතාව ජාතික ජන බලවේගයට මෙවැනිවාර්තාගත ජයග්‍රහණයක් ලබා දී තිබෙන්නේ. දැන් ඔබලාට තිබෙන්නේවැඩ කර පෙන්වීමයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21කම ජයග්‍රහණය ඔබලට ලබා දී තිබෙනවා.ජනතාව විශාල බලාපොරොත්තු කන්දරාවක් සමඟයි ඔබලාට එවැනි ජයග්‍රහණයක් ලබා දීතිබෙන්නේ.ඒවා ඉටුකිරීමේ වගකීමදැන් ඔබලාට තිබෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනා කැපවිය යුතුයි.

වන සත්ව හානි නිසා ගොවි ජනතාව දැඩි අසීරුතාවයට පත්වෙලා සිටිනවා.විශේෂයෙන් රිලව් හා වන අලි නිසා සිදුවන හානිය විශාලයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට විශේෂ අවධානය යොමු කළ යුතුවව තිබෙනබවද මහානාහිමියෝඅවධාරණය කළේය.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින්පවසා සිටියේජාතික ජන බලවේගය ජයග්‍රහණය සඳහා මල්වතු මහා නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයලබාදුන් ආශිර්වාදය විශාල ශක්තියක් බවත්අපේක්ෂා කලාටත් වඩා විශාල ජයග්‍රහණයක් ලබාදීමට මේ රටේ ජනතාවත් විශේෂයෙන් විදේශගතව සිටින පිරිසත්විශේෂ දායකත්වයක් ලබා දී තිබෙන බවද පැවසීය.

ඉන් අනතුරුව එම අමාත්‍යවරුන් දෙදෙනා සමග එක් වූබුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිඅමාත්‍යවරයාද සමග අස්ගිරි මහා විහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන්බැහැදුටුවේය.

එම අවස්ථාවටඅස්ගිරි පාර්ශවය අන්න අනුනායකපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සිහිමියන් සහමහා ලේඛකාධිකාරීමැදගම ධම්මානන්දහිමියන් දනියෝජ්‍ය ලේඛකාධිකාරීනාරම්පරාවේ ආනන්ද හිමියන්සහභාගි වූහ.

එහිදී අනුනායකපූජ්‍ය නාරම්පරාවේ ආනන්දහිමියන් අවධාරණය කර සිටියේභික්‍ෂූන් වහන්සේලාගේ චර්යාත්මක දුර්වලතා සම්බන්ධයෙන් ට්‍රෛනිකායක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ සංඝ මහා සභාමගෙන් ගන්නා තීන්දු තීරණ අධිකරණය මගින් ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන එන ලෙස පසුගිය රජයන් ගණනාවකට කළ යෝජනාකිසිවක් මේ වනතෙක් ඉටුවී නොමැති බවත්ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ විවේචන එල්ල වෙමින් තිබෙනඑබැවින්ඔවුන් සම්බන්ධයෙන් සංඝ සභා මගින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට නීතිමය බලයක් අධිකරණය මගින් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේපවතින බව පැවසීය.

භික්ෂූන් වහන්සේලාගේ චර්යාවන් සම්බන්ධයෙන් මතුවන ගැටලුවලට විසඳුම් සඳහා ත්‍රෛනිකායකමහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පසුගිය කාලය තුළ විවිධ යෝජන ඉදිරිපත්් කළා. ඒ සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් කමිටු දැමුවත්එම කමිටු වලින් වැඩේ දිග්ගසෙන බවදඅනුනාහිමියෝ පෙන්වා දුන්නේය. මේ අවස්ථාවේදී බරපතලම ගැටලුව වන භික්ෂූන් වහන්සේලාගේ චර්යාවන් නිසා මතුවන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා ගැනීමට හැකිවන ලෙස සංශෝධනයක් ගෙන එ්මට විශේෂ අවධානය යොමු කරන ලෙසදඅමාත්‍යවරුන් හමුවේ පැවසීය.



Recommended Articles