දාහත්හැවිරිදි තරුණියක් අතුරුදහන්


කරාඩුගල පොලිස් වසමට අයත් පිටඹුර අලුත්වලව්ව පදිංචි දාහත්හැවිරිදි තරුණියක් ඊයේ (23) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.

ඊයේ උදෑසන ඇය සේවයකරන වෙළෙඳසැලෙන් ඇගේ වැටුප් ලබාගැනීමට යන බව පවසමින් ලිපියක් ලියා තබා නිවසෙන් පිටව ගොස් ඇතත් ආපසු පැමිණ නැත. සිද්ධිය පිළිබඳව කරාඩුගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මොනරාගල සුමනසිරි ගුණතිලක  



Recommended Articles