“සිරි දළදා වෘන්දනාව” වෙනුවෙන් බැතිමතුන්න් පැමිණීමේ විශාල වර්ධනයක් ඇති බවත් අද දිනයේදී විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ දිනයේදී එක්ලක්ෂ විසි දහසකට අධික බැතිමතුන් ප්‍රමාණයක දළඳාව වන්දනාමාන කරගෙන ඇති බවත් ඊයේ දින රාත්‍රී 0900 පමණ වන විට පනස්දහසකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටි බවද පොලිස්මූලස්ථානය කියයි.
අද දින උදෑසන වන විට එම ප්‍රමායක ලක්ෂය ඉක්මවා යා හැකි බවත් අද දින සතිඅන්ත දිනකක් බැවින් දහවල් කාලය වන විට මෙම ප්‍රමායක තව දුරටත් ඉහළ යා හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
අද දින හැර තව දින 07ක කාලකක් “සිරි දළදා වන්දනාව” සිදු කර ගැනීමට හැකියාව ඇති හෙයින් අද දිනය මග හැර
ඉදිරි දිනයක් ඒ වෙනුවෙන් යොදා ගැනීම බැතිමතුන්ට පහසුවෙන් වනදනාමාර කර ගැනීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දන්වා සිටී.