දරුවන් පස්දෙනෙක් බිහිකළත් ඇගේ සිරුර භාරගැනීමට නොආ දරුවන්


හොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට  පෙර අසනීප තත්වයනේ පසුවන වයෝවෘද්ධ මවක් ඇතුලත් කර කර තිබිණි. මෙම අසනීප මව බැලීමට කිසිවෙකු පැමිණ  නැති අතර දරුවන් පස් දෙනෙකුගේ මවක් වූ ඇය පසුගිය දා කාත් කවුරුත් නොමැතිව රෝහල තුලම අවසන් සුසුම් හෙලීය. 

හොරොව්පොතාන ලේවාසපිරිවැව ගමේ පදිංචිවී සිටි මෙම මව මියගිය බවට දරුවන් දැනුවත් කළ ද  පැමිණියේ එක දරුවෙකු වන අතර ඔහු ද මව හඳුනාගෙන  සුළු වෙලාවකින් අතුරුදහන් විය.  නැවත පැමිණියේ නැත. රෝහල් ගත වූ දින සිටම රෝහල්  කාර්යය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලය ද මෙම මවට ඉතා ආදරයෙන්  අවශ්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථාන සිදු කළ අතර රෝගී තත්වයෙන් මිය යන තෙක්ම ඔවුන්ගේ නොමද ආදරය ලැබීමට තරම් භාග්‍ය විය. 

සිය කුසින් බිහිකළ  දරුවන් පස් දෙනෙකුම අහක බැලූවත් රෝහල් කාර්යය මණ්ඩලය එම මව වෙනුවෙන් රෝහලේ  මෘත ශරීරාගාරය තුලම පැන් වඩා පාංශුකූලය දීම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා උතුරු මධ්‍යම හුරුළු දිසාවේ ප්‍රධාන සංඝනාවක අතිපූජ්‍ය අලුවිහාරේ විමලරතන නාහිමියන් සහ වැලිමුවපොතානේ පියරතන හිමියන් වැඩමවා වදාළ අතර  සහකාර ප්‍රාදේශීය ලේකම් ජයසිංහ ඉරුගල්බංඩාර මහතා, වසම භාර ග්‍රාම නිලධාරි රුවන් අබේරත්න මහතා මෙන්ම මෙම මව ජීවත් වූ වසමේ ග්‍රාම නිලධාරි සුමිත්‍රා ජයලත් මහත්මිය ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද  සහභාගි විය. 

හොරොව්පතාන  ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව එහි බැකෝ යන්ත්‍රය යොදා ගෙන හොරොව්පොතාන සුසාන භූමියේ භූමදානය කරන ලදී. ( I J )

සිඩ්නි රුවන් උබේපාල 



Recommended Articles