දයාසිරි හත්පොලේ ගා ගන්නවා


ජනපති අරමුදලින් මුදල් ලබා ගත් දේශපාලඥයින් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හත්පොලේ ගා ගනිමින් යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“2005 සිට 2024 දක්වා ජනපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ නම් විතරයි ඉදිරිපත් කළේ.තවත් නම් ලැයිස්තුවක් මගේ අතේ තියනවා.

දයාසිරි ගැන කියපු නිසා, අනිත් ඔය මම නම කිහපු  හැමදෙනාම දයාසිරි හැර භාර ගත්තා ඔව් විවිධ තත්ත්වයන් තුළ ඒ මුදල් ගත්තා කියලා.

දයාසිරි විතරක් එක එක දේවල් කියාගෙන යනවා. මට මතක් වෙන්නේ සමහර මඩේ ලැගපු ඌරෝ එළියට ඇවිල්ලා ගඟක ඇළක දොළකට පැනලා මඩ හෝදගන්න නෙමෙයි ට්‍රයි කරන්නේ තමන්ගේ ඇඟේ තියෙන මඩ ටික තාප්පෙක, ගලක, ගහක උල උලා යන්න.

එහෙම වැඩක් තමයි මේ කරගෙන යන්නේ දයාසිරි කියන්න තියෙන්නේ මෙච්චරය, ඔහු ජනාධිපති අරමුදලෙන් කොච්චර ගත්තද? තවත් අරමුදල්වලින් ලබාගෙන තියෙනවද? රක්ෂණයෙනුත් ගත්තද? යන ඒවා කියන එකයි. එයා තමයි මේක හත්පොලේ ගාගෙන යනවා. මට සිහිය නැති වෙලා හිටියේ, මෛත්‍රීපාල සිරිසේන ඇවිත් ඒක ගෙවලා ගිහින් තිබුණා කියන්න බෑ. 



Recommended Articles