දඹුල්ලේත් එළවළු මිල ඉහළට


පසුගිය කාලයේ ඇති වූ මහා වර්ෂාපතනය හේතුවෙන් එළවළු නිෂ්පාදන වෙළදපලට  ලැබීම අඩුවීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ  පවසති.

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට 17 දින උදෑසන එළවළු ලැබීම විශාල වශයෙන්  අඩු වී තිබෙන බවත්  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති. එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යම් පාළු ගතියක් උදෑසන සිටම දක්නට ලැබුණු බවද  වෙළෙන්දෝ පෙන්වා දෙති. 

යාපනය  දීස්ත්‍රික්කයෙන් යම් මට්ටමකින් එළවළු තොග ලැබීම නිසා එළවළු ප්‍රමාණයක් පවතින බව පෙන්වා දෙන   ව්‍යාපාරිකයන් සඳහන් කර සිටියේ යාපනය ප්‍රදේශයේද වැස්ස නිසා  අස්වැන්න විනාශ වීම හේතුවෙන්  සීමිත ප්‍රමාණයක් බීට , බෝංචි ,කැරට් ,තක්කාලි ,වම්බටු ,අමු මිරිස් ආදී   ලැබෙමින් පවතින බවය.

 කෙසේ වෙතත් යාපනයේ සිට පැමිණි ගොවීන් ද සඳහන් කළේ. තම ප්‍රදේශයේ ඉතා සීමිත එළවළු ප්‍රමාණයක් දැනට පවතින බවයි, ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් සඳහන් කළේ වගාවන් පසුගිය කාලයේ ඇතිවූ වැස්ස නිසා විනාසයට පත්ව  නැවත වගාවන් ආරම්භ කිරීම සඳහා අතිවිශාල මුදලක් වියදම් වන   බවත් තෙල් පොහොර සහ අනෙකුත් යෙදවුම්වල මිල වැඩි නිසා වගාවන් පවත්වාගෙන යෑම අපහසු නිසා ඉතා කුඩා ප්‍රමාණයේ වගාවන් සිදුකරන බවය.

කෙසේ වෙතත් එළවළු මිල ඉහළ ගියද  ගොවීන්ට ලාභයක් නොලැබෙන බව ඔවුහු පෙන්වා දෙති ,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 17 දින උදෑසන ගෝවා කිලෝවක් රුපියල් 300කට 350 ත් මිලකට ත්  ලීස් කිලෝ එක රුපියල් 300ත් 350ත්  මිලකට අලවි  විය.

    එමෙන්ම තක්කාලි තොග යම් මට්ටමකින් යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන නිසා මිල පහත වැටී ඇති බවත් පෙන්වා තිබිණි    තක්කාලි කිලෝ එකක් රුපියල්  80ත් 130 ත්   බන්ඩක්කා ,වැටකොලූ,පතෝල ,දබල වැනි එළවලු කිලෝ  එකක තොග මිල  රුපියල් 200 ඉක්මවා තිබිණි . වම්බටු කිලෝ වක් රුපියල් 500 ඉක්මවා අලවි වූ අතර කැරට් කිලෝවක් රුපියල් 700 සිට 900 දක්වා ද අමු මිරිස් කිලෝවක් රුපියල් 1300 ත් 1400 ත් ඉහල අගයක් ගෙන තිබිණි,සිංහල අලුත් අවුරුදු වන විට යම් මට්ටමකින් එළවලු තොග වෙළද පලට ලැබෙනු ඇතිබව වෙළෙන්දෝ පෙන්වා දෙති.



Recommended Articles