දඹුල්ලේ මිල පහළ යයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට  23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් සහ යාපනය අර්ධද්වීපයෙන් එළවලු ලැබී තිබෙන බවත් වෙළෙන්දෝ පවසති.

පසුගිය ජනවාරි පෙබරවාරි මාසවලට සාපේක්ෂව එළවලු මිල ඉතාමත් පහත වැටී තිබෙන බවත් මේ හේතුව නිසා ගොවීන්ට තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ගොවීන් පෙන්වා දෙති

අධික නිෂ්පාදන පිරිවැයක් දරා රටේ ආහාර වෙනුවෙන් එළවළු වගා කළද තම නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් මිලක් නොමැති වීම නිසා වගා කටයුතුවලින් ඉදිරියේදී ඉවත්වීමේ තත්ත්වයට පත්ව ඇතැයි එළවළු තොග රැගෙන ආ ගොවීහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල රතු ලූනු මෙන්ම ලොකු ලූනු මිළද විශාල වශයෙන් ගනුදණුකරුවන් නොමැති නිසා මිල පහළ යමින් පවතින බවය.

වර්ගය                   2023 ජනවාරි මස මිල       2023 මාර්තු 23 තොගමිල

බෝංචි                   300 /350                80 / 90

කැරට්                    120 / 130               50 / 60

වම්බටු                   390 / 400              80 /120

මාලළුමිරිස්             600 / 650              200 / 250

රතුලූනු                   620 / 630              250 / 280

ලොකුලූණු              165 / 170              90 / 95

අර්තාපල් විදේශීය  110  / 120             110 /120

අර්තාපල් දේශීය     200 /215               110 / 120    

වැටකොළු              310 / 320              60 /100

වියලිමිරිස්               1300 / 1350        1000 / 1050

ලීක්ස්                    220 /230               120/ 150

දබල                       110/ 120               50 /60

වැටකොළු              310 /320               60/100

නෝකෝල්             260 /270               70  /80

පතෝල                  140/ 150               100 /110

මැකරල්                 280 /290               70 /80

අමුමිරිස්                  220/250               250 /300

වට්ටක්කා               110 /130               30 / 35

තක්කාලි                 80 /100                 120 /130

ගෝවා                      50 / 90                  25 / 30

 



Recommended Articles