දඹුල්ලේ එළවව මිල ඉහළ පහළ යයි


ඉකුත් දින කිහිපයට සාපේක්ෂව 29 දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ   එළවළු වර්ග වල තොග මිල පහත ඉහල යමින් පවතින බව  ආර්ථික මධ්යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්යස්ථානය තුළ 29  දින උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති්

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම  එළවළු තොග ලැබීම අඩු වී  ඇති බව ඔවුහු අවධාරණය කරති.

අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 800 ක් 900 ත් අතර  පැවතිනි  . රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝ එක මෙදින අලෙවි වූයේ රුපියල් 250ත් 200 ත්   වැනි මිලකට ත්  වට්ටක්කා කිලෝව රුපියල්  160 ත් 170 අතර මිලකට අලෙවි වෙයි

විශේෂයෙන් කන්ද උඩරට ප්රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක්  230ත් 270   වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි

ඒ අනුව පසුගිය දා ලීක්ස්  කිලෝවක් රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය. මේ වනවිට ලීක්ස් කිලෝවද 280 දක්වා   කන්ද උඩරට ප්රදේශවලින් මෙන්ම පහත රට ප්රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද  ඉහල ගොස්  ඇතැයි ව්යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ  29 දීන එළවළු කිලෝවක පැවති තොග මිල   මෙසේය

බෝංචි  350  ත්400  

ලීක්ස් 250 ත් 270

 කැරට්   160 ත්  270

ගෝවා  100 ත් 130

තක්කාලී  280. 300 

රාබු  60 ත් 120

කැකිරී  50 ත් 80  

පිපිඤ්ඤා   100ත් 110

වැටකොලු    160 ත් 240

බණ්ඩක්කා  50 ත් 60

පතෝල 150 ත් 200

 වම්බටු   350 ත් 400

අමු මිරිස් 850ත් 1000

මැකරල් 150 ත් 250

මාළු මිරිස්  550 ත් 750



Recommended Articles