දඹුල්ලට එළවලු ලැබීම සියයට 60කින් පහළට


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති .

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23 සහ 24 දිනවල රැගෙන ඒම සඳහා අස්වනු නෙලීම නොකර සිටීම මෙයට හේතුව වී ඇති බවය.

 එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද  අඩුවක්ද විශාල   වශයෙන් මෙදින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති

ඊට හේතුව ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ  අනුමාන කරති. වෙනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දෙකත් තුනත් අතර ප්‍රමාණයක් ලැබුණ ද මෙදින එයින් සියයට  හැටකටත් වඩා අඩු ප්‍රමාණයක් ලැබීමත් සමග මිලද පසුගිය දින දිනවල ට සාපේක්ෂවව ම පැවති බවද  ඇතැම් එළවළු වර්ග වල මිල යම් මට්ටමකින් අඩු වීමක් දක්නට තිබෙන බවද ද ව්‍යාපාරිකයෝ පවසති.

 එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව  ක්‍රියාත්මක වන අතර ඇතැම් වෙළඳ සැල්  කම්කරුවන් සේවකයන් තැන තැන ජංගම දුරකථන භාවිතා කරමින් වාඩිවී සිටින අයුරුද දැක ගැනීමට හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  22 දින උදේ  එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

ගෝවා 280 -300

බෝංචි  250- 280

ලීක්ස්  200-250

කැරට්  370 -380

තක්කාලි 260-280

රාබු 70 -100

නෝකෝල් 150-160

කැකිරි 85 -100

පිපිඤ්ඤා 85 -90

වැලිමඩ අර්තාපල් අල 180- 190

ආනයනය කරන ලද අර්තාපල් 180 - 185

වැටකොළු 180-200

කරවිල  230-230

වට්ටක්කා 40-60

වම්බටු 260 -270

එළබටු 280 -300

දඹල 190-200

මෑකරල් 180 -200

මාළු මිරිස්  550-.600

අමුමිරිස් 670 -700

ලොකු ලූනු විදේශීය 190 -200

 ලොකු ළූණු  දේශීය 200- 270

 බතල  100- 110

 

 



Recommended Articles