දඹුල්ල ආර්ථිකයේ වැටි තිබූ රු. 435000ක මුදල හිමිකරුටම භාරදෙයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් වැටී තිබූ  බෑගයක තිබුණු රුපියල් හාර ලක්ෂ තිස් පන්දාහක් පමණ මුදල  හිමිකරු සොයා බාරදීමට  ආර්ථික මධ්‍යස්ථානයේ  කම්කරුවෙකු 16 දින පෙරවරුවේ පියවර ගනු ලැබීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ සාමාජිකයෙකු වන මොහොමඩ් අන්වර්  නමැති කම්කරු මහතාට උදෑසන නමයට පමණ   කළු පැහැති බෑගයක්  ආර්ර්ථික මධ්‍යස්ථානය තුළ වැටී තිබී ඇත,  පසුව ඔහු එම කවරය විවෘත කර බලන අවස්ථාවේදී එහි මුදල් තිබුණු බව දැක කම්කරු සංගමයේ සභාපතිවරයා දැනුවත් කොට තිබේ

පසුව ආර්ථික මධ්‍යස්ථාන කම්කරු සංගමයේ සභාපතිවරයා සහ මෙම කම්කරුවා එක්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ කළමනාකරු ස තමරසිරි බණ්ඩාර මහතාව දැනුවත් කොට තිබේ.  ඒ අනුව කළමනාකාරවරයා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී.එස් සිරිවර්ධන මහතා සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට මේ බව දැනුවත් කොට ඇත

වෙළඳ සංගමයේ සභාපති  සි .එස්  සිරිවර්ධන මහතා කළමනාකාරවරයා සමග  ආර්ථික  මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා මුදල් පසුම්බිය අහුලා ගෙන ඇති බවත් එහි නියම හිමිකරුවෙකු අනන්‍යතාවය පෙන්වා රැගෙන යන ලෙස පැය ගණනාවක් දැනුවත් කොට තිබේ

උදෑසනක් නවයට පමණ සිදුවීම දැනුම් දුන්නද දහවල් දොළහ පසුවන තුරුත් හිමිකරුවකු නොවීය

පසුව  එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි   පදවිය සිරිපුර  ජයන්ති වැව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ  ඒ .ඩබ්ලිව් . සිරිපාල මහතා ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම කාර්යාලයට පැමිණ   තමන්ගේ මුදල් බෑගය වැටී ඇති බව දැනුවත් කළ බව සභාපතිවරයා සඳහන් කළේය.

පසුව මුදල්වල නියම හිමිකරුවාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව එහි තිබූ මුදල ගණන් කොට මුදල් පසුම්බිය අහුලා ගත් ආර්ථික මධ්‍යස්ථාන   කම්කරු සංගමයේ  සාමාජික මොහොමඩ් අන්වර් මහතා අතින්ම එම ව්‍යාපාරිකයාට මුදල් ටික ලබාදීමට වෙළඳ සංගම් නියෝජිතයන් පියවර ගනු ලැබීය.

 තමන්ට සිදුවූ මෙම  සිද්ධිය පිළිබඳව අදහා ගැනීමට පවා නොහැකිව ව්‍යාපාරිකයා දැඩි ලෙස වේදනාවට පත්ව සිටින අයුරුද අපට දැක ගැනීමට හැකි විය ඔහු සඳහන් කළේ තමන්ට එම මුදල කිසිදු ආකාරයකින් ලැබෙනු ඇතැයි විශ්වාස නොකළ බවය

එහෙත් මෙවැනි කම්කරුවන් පිළිබඳව තමාට ඇත්තේ දැඩි සතුටක් බව හෙතෙම සඳහන් කළේය  . විශේෂයෙන් මෙම මුදල් පසුම්බිය අහුලා ගත් මොහොමඩ් අන්වර නමැති කම්කරුවා කියා සිටියේ තමන්  බෑගය අහුලා ගත් විගස එය විවෘත කිරීමේදී මුදල් බව දැනගත් බවයි අන් අයගේ මුදල් තමාට කිසිසේත් අනවශ්‍ය බවත් එම මුදල් හිමිකරුට ලබා දීමට සිත් පහළ වූ බවද මෙම තරුණයා සඳහන් කළේය

 ඒ අනුව තමන් සංගමයේ සභාපතිවරයාට මේ බව දැනුවත් කළේ යැයි ඔහු සඳහන් කළේය  . මුදල්  ටික ලබා දී එම සැණින් පිටව ගියා  කම්කරුවා නැවත ඔහු සුපුරුදු එළවළු මිටි ඇදීමේ රැකියාව නිරතවන අයුරුද අප දුටුවෙමු



Recommended Articles