දකුණේ කාබනික අමු තේ කිලෝවකට ඉහළ මිලක්


දකුණු පළාතේ කාබනික පොහොර (කාබනික තේ) යොදා වගා කළ අමු තේ දලු කිලෝ එකක් සඳහා රුපියල් 499.80ක ඉහළ මිලක් මාතර දිස්ත්‍රික්කයේ ලුම්බිණිය තේ කම්හල පසුගිය මස ගෙවීමට සමත් වී ඇත.

මෙම තේ ජපානය, එංගලන්තය, රැසියාව වැනි විදේශ රටවල ඉහළ ඉල්ලුමක් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. පසුගිය මස රසායනික පොහොර යොදා වගා කළ අමු තේ දලු කිලෝ එකක් සඳහා වැඩිම මිල ගෙවා ඇත්තේ කෑගල්ල කොළොන්න තේ කම්හලෙන් වන අතර, එය රුපියල් 241.62ක මිලක් ගෙන තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තේ කම්හල 517ක් ක්‍රියාත්මක වන අතර, ලක්ෂ 5කට අධික තේ වගාකරුවන්, ලක්ෂ 15කට අධික තේ ආශ්‍රිත රැකියාවල යෙදී සිටින බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

මුල්කිරිගල - හඳුගල ගුණරත්න

 



Recommended Articles