දකුණු ලෙබනනයේදී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබයි


දකුණු  ලෙබනනයේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම සම්බන්දයෙන් ඊශ්‍රායිල් විදේශ අමාත්‍යාංශය  අවධානය යොමුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි. ඊශ්‍රායල රජය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවත් වැඩි විස්තර ඉදිරියේදී ලබා  දීමට  සහතික  වන බවත් තානාපති කාර්‍යාලය සඳහන් කරයි. 

ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ  එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ   (UNIFIL) සේවය කරන ශ්‍රී ලංකා සාම සාධක දූත මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට තුවාල සිදුවීම  සම්බන්ධ සිද්ධියක් පිළිබඳව ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  තානාපති Hagai Dikan කනස්සල්ල පළ කළ බව ද තානාපති කාර්‍යාලය සඳහන් කරයි. 



Recommended Articles