දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ඉක්මවයි


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,320ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 913ක් දක්වා දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 269ක් දක්වා ද ඉහල ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  09දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් 30දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 09දෙනකු දඅලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 04දෙනකු ද බෝපෙ පෝද්දල හා ඇල්පිටියෙන් ආසාදිතයන්  දෙදෙනා බැගින් ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේවැලිගමින් ආසාදිතයන් 09දෙනකු ද වැලිපිටියෙන් හා අතුරලියෙන් ආසාදිතයන් 06දෙනාබැගින් ද මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් 04දෙනකු ද කැකනදුර කොට්ඨාසයෙන් ආසාදිතයන්දෙදෙනකු දික්වැල්ල, හක්මන හා කිරින්ද පුහුල්වැල්ල කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් 08දෙනකු හම්බන්තොටින් ද එක් ආසාදිතයෙකුඅම්බලන්තොටින් ද වාර්තා වී තිබේ.

දකුණු පළාතේ පවුල් ‍2,721ක පුද්ගලයෝ7,536දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,252ක පුද්ගලයින් 2,958දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1010ක පුද්ගලයින් 3,664දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 458ක පුද්ගලයින් 914ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 86,702ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 40,165ක් ද මාතර පරීක්ෂණ 26,955ක් ද හම්බන්තොට පරීක්ෂණ 19,582ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1407දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 778දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 485දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 144දෙනකු ද සුවය ලබා ඇත.

සිරංගිකා ලොකුකරවිට 

 

 

 

 

 

 

 

 



Recommended Articles