දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහලට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්  (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 811ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 503ක් දක්වා ද ඉහල ගොස් තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදිතයින් වාර්තා වී නොමැති අතර මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 148කි.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  12දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08දෙනකු ද අලුතින් වාර්තා වී ඇත. ගාල්ල බන්ධනාගාරයෙන් ද අලුතින් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ  ආසාදිතයන් 12 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 04කි. ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 03 දෙනකු ද ඉමදුව හා නියාගම කොට්ඨාස වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද නෙළුව කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු ද  හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් දෙදෙනකු අතුරලිය කොට්ඨාසයෙන් ද  මාතර මහ නගර සභා බල ප්‍රදේශය, දෙවිනුවර, කිරින්ද පුහුල්වැල්ල, මාලිම්බඩ, කැකනදුර හා වැලිපිටිය කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

දකුණු පළාතේ පවුල් 1,395ක පුද්ගලයෝ 3,642දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 609ක පුද්ගලයින් 1,601දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 368ක පුද්ගලයින් 1,235දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 418ක පුද්ගලයින් 806ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 70,397ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 32,754ක් ද මාතර පරීක්ෂණ 20,840ක් ද හම්බන්තොට පරීක්ෂණ 16,803ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 906දෙනකුම සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 519 දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 311 දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76 දෙනකු ද සුවය ලබා ඇත.



Recommended Articles