දකුණු කොරියා වැඩබලන අගමැතිත් දෝෂාභියෝගය පරාදයි


දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හන් ඩක්-සූට එරෙහිව ගෙනා දෝෂාභියෝයෙන් ඔහු පරාජයට පත්ව තිබේ. දෝෂාභියෝගය ජය ගැනිමට අවශ්‍ය ඡන්ද 151 සිමාව ඉක්මවා එයට නීති සම්පාදකයන් 192ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

දකුණු කොරියා හිටපු ජනාධිපති යූන් සුක් යෝල් දෝෂාභියෝගයක් හරහා ධුරයෙන් නෙරපා සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඒරට වැඩ බලන ජනපතිවරයාද මෙසේ දෝෂාභියෝගයක් හරහාම පරාජය පත්විය.

වැඩබලන ජනපතිධුරයට පත්විමට පෙරාතුව හන් ඩක් සූ එරට අගමැතිවරයා ලෙස කටය්‍රතු කළේය.

දෙසැම්බර් 3 වන දින යුධ නීතිය පැනවීමට ඒවක ජනාධිපති යූන් කටයුතු කිරිමත් සමග දකුණු  කොරියාව තුළ ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වූ අතර පසුව ඔහු දෝෂාභියෝගයෙක් පරායට පත්විමෙන් අනතුරුව අගමැති හැන් වැඩබලන ජනපති ලෙස සිය රාජකාරි ආරම්භ කළේය.

 



Recommended Articles