කොළඹ -ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට පාලම මතින් දකුණු පළාත හා බටහිර පළාත අතර යන එන වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (24) සවස පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හා බෙන්තොට පොලීසියේ සංවිධානයෙන් බෙන්තොට පාලම අසලදී ආරම්භ කෙරිණි.
මහා මාර්ගවල ධාවනය කෙරෙන රථ වාහන පරීක්ෂා කිරීම සඳහා පොලීසිය මගින් ඊයේ සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම අද සවස් වරුව පුරාම සිදු කෙරිණි.
බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි සිදු කරන රියදුරන් සිටියහොත් මෙම මෙහෙයුමේදි ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව මේ අවස්ථාවට එක්වූ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී (3) ලාල් ගමගේ මහතා පැවසීය.
ජේ. ඉඳුරුවගේ