තොග වෙලෙදුන්ට වඩා සිල්ලර වෙලදුන් පොල් වලින් වැඩි ලාභයක් උපයයි.


හැටන් නගරයට (05) දින දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පොල් තොග වශයෙන් අලෙවි කිරිමට විශාල තොග වෙලෙදුන් පිරිසක් පැමිණ සිටිහ.

එම වෙලෙදුන් ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක් රු 160 ක තොග මිලකට සිල්ලර වෙලෙදුන්ට අලෙවි කලද, සිල්ලර වෙලෙදුන් විසින් වැඩි ලාභයක් උපයා ගැනිමේ අරමුණින් පොල් ගෙඩියක් රු 180-220 දක්වා වු විවිධ සිල්ලර මිල ගණන් යටතේ අලෙවි කරනු ලබයි.

සිල්ලර වෙලෙදුන් කියා සිටින්නේ තොග වෙලෙදුන්ගෙන් ලබාගන්නා පොල් වලින් පොල් ගෙඩි කිහිපයක් නරක් වන බවත්, එහි පාඩුව පිරිමහ ගැනිම සදහා පොල් ගෙඩියකින් රු 30-40 ලාභයක් තබන බවයි.

 



Recommended Articles